LEGAL INSIGHTS

කාර්යාලයක හෝ සාප්පුවක සේවය කරන සේවකයින් පාලනය කරනු ලබන්නේ 1954 අංක 19 දරණ සාප්පු සහ කාර්යාල සේවක (රැකියාව සහ පාරිශ්‍රමිකය පිළිබඳ රෙගුලාසි)(“SOEA”) මගිනි.

Hero Section Image
Author
DDesaram
Category
Blog
Published
August 16, 2017
Share

වැඩ කරන පැය ගණන සහ අතිකාල දීමනා.

(“SOEA”) රෙගුලාසි අනුව රැකියාවෙහි පොදු වේලාව (විවේකය සහ කෑම විවේකය හැර) පහත සදහන් පරිදි වනු ඇත.

    • දිනකට පැය 8 නොයික්මවන කාලයක්
    • සතියකට පැය 45ක් නොයික්මවන කාලයක්

‘සේවකයෙකු අඛණ්ඩව පැය හතරක කාලසීමාවක් සේවය කිරිමෙන් පසු පැය භාගයක කෑම සදහා හෝ විවේකය සදහා වේලාවක් ලබාදෙන අතර එය පොදු වශයෙන් දිනකට පැයක කෑම සහ විවේකය සදහා වන විවේක කාලයට පරිවර්තනය වෙයි. ඕනෑම දිනයක සේවකයා පැය පහකට අධික කාලයක් සේවයේ යෙදී නොසිටින්නේ නම් කෑම වේලාවක් හෝ විවේක වේලාවක් ලබාගැනීමට අවසර නැත.

එබැවින් SOEA අවශ්යතාවයන් සහ රෙගුලාසි කාර්යාලයක හෝ සාප්පුවක ගමන් කරමින් වෙළදාම් කරන පුද්ගලයෙකුට, පරික්ෂකවරයෙකුට, අධීක්ෂකයෙකුට, කළමනාකරුවෙකුට හෝ ඒ හා සම්බන්ධ අංශයක සේවයේ නියුතු පුද්ගලයෙකුට අදාල නොවනු ඇත. එහි ප්රතිඵලයක් වශයෙන් එවැනි සේවකයින්ට කිසියම් අතිකාල දීමනා හිමිකම ඉල්ලීමකින් තොරව දිනකට පැය අටකට වඩා සහ / හෝ සතියකට පැය 45 ඉක්මවු කාලයක් සේවය කිරිමට සිදුවනු ඇත. අනික් අතට එවැනි සේවකයින්ට SOEA විසින් සදහන් කර ඇති පරිදි සති නිවාඩු ලබාගැනීමට අවසර ඇත. පොදුවේ ගත්විට, එවැනි වැඩ පැය සීමාවන් කඩකරමින් සේවයේ නියුතු කාන්තා කාර්යය මණ්ඩලයට ලබාදී ඇති බලපත්‍රයට අමතරව ආහාර, ගමන් පහසුකම් ආදී පහසුකම් සපයනු ලැබේ.

අතිකාල දීමනා

සේවය කිරිමට නියමිත පැය ගණන ඉක්මවා සේවය කිරිමට සේවකයෙකුට සිදුවන අවස්ථාවලදී අතිකාල දීමනා ගෙවිය යුතුව ඇත. SOEA රෙගුලාසි අතිකාල දීමනා සතියකට පැය 12කට සීමාකරයි. කෙසේවෙතත් මෙම සීමාව කිරිම තරයේ බලාත්මක නොකෙරේ.

මීට අමතරව ක්රියාත්මක වීමේදී පරිපාලන කාර්යය මණ්ඩලයට වැටුප් ගෙවනු ලබන්නේ ඔවුන් විසින් සේවය කළ පැය ගණන පදනම් කරගෙන නොව තමන්ගේ අදාල තනතුරු වලට අදාල වගකීම් ඉටුකිරිමේ පදනම මත බැවින් ඔවුන්ට අතිකාල දීමනා ගෙවීමක් සිදු නොකෙරේ.

අදාල අවස්ථාවන්හිදී, අතිකාල දීමනා ගෙවිය යුත්තේ එක් පැයකට ගාස්තුවෙන් පැය එකහමාරක ප්‍රමාණයකින් වන අතර පැයකට අඩු කාලයක් සදහා ප්‍රමාණුකුලව ගෙවිම් සිදු කළ යුතුය. අතිකාල දීමනා ගණන් බැලීමේ ක්‍රියාපිළිවෙත පහතින් විස්තර කර ඇත.

    • දින ගාස්තු ගෙවීම – දිනක වැටුපින් 1/8
    • මාසික ගාස්තු ගෙවීම – මාසික වැටුපින් 1/8 ප්‍රමාණය 30 න් ඛෙදීමෙන්.
    • සති දෙකකට වරක් ගෙවීම – දෙසතියක වැටුපින් 1/8 ප්‍රමාණය 14 න් ඛෙදීමෙන්.
    • සතිපතා ගාස්තු ගෙවීම – සතියේ වැටුපින් 1/8 ප්‍රමාණය 7 න් ඛෙදීමෙන්.

නිවාඩු දින සහ නිවාඩු වරප්‍රසාද

සති නිවාඩු දින

SOEA රෙගුලාසි අනුව, කිසියම් සතියක පැය 28කට නොඅඩු කාලයක් සේවය කරනු ලබන සේවක කාර්යය මණ්ඩලයෙහි සාමාජිකයෙකුට (විවේක වේලාවන් සහ අතිකාල හැර) එකී සතියේදී හෝ ඉන්පසුව එළඹෙන සතිය තුළදී දින එකහමාරක වැටුප් සහිත නිවාඩු ලබාගැනීමට අවසර ලබාදිය යුතුය. සාමාන්‍යයෙන් එවැනි සති නිවාඩු ලබාදෙනු ලබන්නේ සෙනසුරාදාට දින භාගයක් සහ ඉරිදා සම්පුර්ණ දිනයක් වශයෙනි. ආයතනයන් බහුතරයකට සෙනසුරාදා ද සම්පුර්ණ නිවාඩු දිනයක් ලෙස ලබාදීම සාමාන්‍ය සිද්ධියකි.

ඕනෑම සති නිවාඩු දිනයක සේවය කිරිමට අවශ්‍ය කෙරෙන ඕනෑම සේවකයකුට ඉහතින් දක්වා ඇති අතිකාල දීමනා මත සේවය කිරිමට අවසර ලබාදෙනු ඇත.

ව්යවස්ථාපිත නිවාඩු

කාර්යාල සහ සාප්පු සේවකයින් සදහා සෑම ව්‍යවස්ථාපිත නිවාඩු දිනයකදීම වැටුප් සහිත නිවාඩු ලබාගැනීමට අවසර ලබාදෙනු ඇත. වර්තමානයේ පවතින එවැනි නිවාඩු දින වන්නේ,

    • දෙමළ තෛපොන්ගල්
    • ජාතික දිනය
    • මීලා දුන් නබි (ශුද්ධ වු ප්‍රොපට්තුමාගේ උපන්දිනය)
    • සිංහල සහ දෙමළ අලූත් අවුරුදු දිනයට පෙර දිනය
    • සිංහල සහ දෙමළ අලූත් අවුරුදු දිනය
    • මැයි දිනය
    • වෙසක් පුර පසොලොස්වක පෝය දිනට පසු දින
    • නත්තල් දිනය

පෝය දින සහ වෙළද නිවාඩු දින

පසොලොස්වක දිනයකදී සියලූ සේවකයින්ටම නිවාඩුවක් ලබාගැනීමට අවසර ඇත. එසේවුවත් සේවකයාට ගෙවනු ලබන ඔහුගේ නියම වැටුපින් වාර 1 1/2ට නොඅඩු ප්රමාණයක් ගෙවනු ලබන්නේ නම් එවැනි සේවකයෙකු සේවයෙහි යෙදවිය හැකිය. වෙළෙඳ නිවාඩු දිනයක් හෝ පෝය දිනයක් ව්‍යවස්ථාපිත නිවාඩු දිනයක හෝ සම්පුර්ණ හෝ අඩ සති නිවාඩු දිනයක යෙදී තිබේ නම්, ඒ වෙනුවට ආදේශ නිවාඩුවක් ලබාදීමට අවශ්ය නැත.

වාර්ෂික නිවාඩු / නිවාඩු

සේවය සම්පුර්ණ කරන ලද එක් වර්ෂයක් සදහා දින 14 ක සම්පුර්ණ වැටුප් සහිත වාර්ෂික නිවාඩුවක් ලබාගැනීමට කාර්යාල හෝ සාප්පු සේවකයකුට අවසර ඇත. අඛණ්ඩ පදනමින් දින හතකට නොඅඩු දින ප්රමාණයක් සදහා අවසරදිය යුතුයැයි SOEA විසින් නියම කර ඇත. ප්‍රථම වර්ෂයේ සේවය කිරිම වෙනුවෙන් සේවකයකුට සාධාරණ නිවාඩු ප්රමාණයක් ලබාගැනීමට අවසර ලබාදෙන අතර එය පහත සදහන් අන්දමට ගණනය කරනු ඇත.

    • සේවය ආරම්භ කර තිබෙන්නේ ජනවාරි 1 දිනට හෝ ඊට පසුව සහ අප්‍රේල් 1 දිනට ප්රථම සේවය ආරම්භ කර තිබේ නම් දින 14
    • සේවය ආරම්භ කර තිබෙන්නේ අප්‍රේල් 1 දින හෝ ඊට පසුව සහ ජුලි 1 දිනට ප්රථම සේවය ආරම්භ කර තිබේ නම් දින 10
    • සේවය ආරම්භ කර තිබෙන්නේ ජුලි 1 දින හෝ ඊට පසුව සහ ඔක්තෝබර් 1 දිනට ප්‍රථම සේවය ආරම්භ කර තිබේ නම් දින 7
    • සේවය ආරම්භ කර තිබෙන්නේ ඔක්තෝබර් 1 දින හෝ ඊට පසුව සහ දෙසැම්බර් 31 දිනට ප්‍රථම සේවය ආරම්භ කර තිබේ නම් දින 4

වාර්ෂික නිවාඩු හැර, සෑම ලිත් වර්ෂයකදීම කාර්යාල හෝ සාප්පු සේවකයකුටම දින හතක අනියම් නිවාඩු ලබාගැනීමට අවසර ඇත. සේවයේ ආරම්භක වර්ෂයේදී අනියම් නිවාඩු සෑම මාස දෙකක සේවය සදහා එක් දිනක පදනම මත ලබාගත හැකිය.

ගොඩනැගිලි කර්මාන්තයෙහි සේවකයන්ට ලබාගත හැකි උපරිම වාර්ෂික නිවාඩු ප්රමාණය වන්නේ සේවකයා සේවය කළ සෑම දින 18ක ඒකකයක් සදහා එක් නිවාඩු දිනයකි. (උපරිම ක්රියාන්විත දින 252) සහ උපරිම වශයෙන් දින 14 කි.

ඉංජිනේරු කර්මාන්තයෙහි නියුතු සේවකයින් සදහා උපරිම වශයෙන් නිවාඩු දින 14ක් සහ එයින් දින හතක් එක්දිගට ලබාගත යුතුය.

ප‍්රසූත නිවාඩු

ීධෑ් යටතේ, සේවිකාවකගේ ප්රථම දරු උපත හෝ සේවිකාවට දැනටමත් එක් දරුවකු සිටින විට සහ ඇයගේ දෙවැනි දරු උපත සදහා සේවිකාවට වැටුප් සහිත දින අසුහතරක (84) නිවාඩු ලබාගැනීමට අවසර ඇත. එවැනි නිවාඩු පුර්ව ප්රසුති නිවාඩු වශයෙන් දින 14ක් සහ පශ්චාත් ප්රසුති නිවාඩු වශයෙන් දින හැත්තෑවක් (70) ලෙසට ලබාගත හැකිය.

තෙවැනි හෝ ඊට පසු දරු උපතකදී (සේවිකාවට දැනටමත් දරුවන් දෙදෙනෙකු සිටිනවිට – දෙදෙනාම ජීවත්ව සිටින විට – ( ඇයගේ හිමිකම දින 84ක් ලෙෂ පවතිනු ඇත.) නිවාඩු සදහා හිමිකම වැඩකරන දින 42ක් වන අතර එම නිවාඩු දින 14ක් පුර්ව ප්රසූත නිවාඩු සහ දින 28ක් පශ්චාත් ප්රසූත නිවාඩු ලෙස ලබාගත හැක.

ප්රසුති කාලය තුලදී කිසියම් සේවිකාවක මියගියහොත්, සේව්යා විසින් ගෙවීම් කිරිම සදහා නිවාඩු ගණන් බැලිය යුත්තේ මියගිය දිනය දක්වා සහ මියගිය දිනයද ඇතුලත්වය.

SOEA මගින් අනාවරණය වී නොමැති සේවිකාවන් 1939 අංක 32 දරණ මාතෘ ප්රතිලාභ ආඥා පනත (MBO) මගින් ආවරණය වනු ඇත.

මාතෘ ප්රතිලාභ ආඥා පනත (MBO) මගින් ආවරණය වී ඇති සේවිකාවන් සදහා පළමු සහ දෙවැනි දරුවන් සදහා නියමිත නිවාඩු හිමිකම වන්නේ සමස්ත වශයෙන් සති 12 කි. (සේවයේ නොයෙදෙන දිනයන්ද ඇතුලත් කළ යුතුය.) තෙවැනි දරුවාට හෝ ඊළ`ග දරුවාට හෝ මියගිය දරුවාට හෝ පැවතිය හැකි ගර්භය සදහා නිවාඩු හිමිකම සති 06 කි. (මේ අතරට යෙදෙන සේවය නොකරන දිනයන්ද ඇතුලත් කළ යුතුය* මාතෘ නිවාඩු කාලය තුලදී සේවිකාවක් මියගිය හොත් ගෙවීම් සිදු කළ යුත්තේ ඇය මරණයට පත්වු දිනය දක්වා සහ මරණය සිදුවු දිනයද ඇතුලත්වය.

සේවය නැවැත්වීම

සේවය නැවැත්වීමේදී එක් පාර්ශවයක් විසින් අනිත් පාර්ශවයට එක් මසක දැනුම්දීමකින් හෝ එසේ දැනුම්දීම වෙනුවට එක් මසක වැටුපක් ගෙවීම හෝ රැුකියා කොන්ත්රාත්තුවේ දක්වා ඇති කොන්දේසි යටතේ දැනුම්දීමක් නොකර සේවය නැවැත්වීම රැුකියා කොන්ත්රාත්තුවල සාමාන්ය ස්වාභාවයක් වුවද, පවත්නා රැුකියා / කම්කරු නීතිය යටතේ පහත සදහන් කර ඇති කරුණුවලදී පමණක් සේවය නැවැත්වීමට අවකාශ ලබාදී ඇත. කම්කරු කොමසාරිස්ගේ පුර්ව ලිඛිත අනුමැතිය ලබාගැනීමෙන්.

අදාල සේවකයාගේ කැමැත්ත පරිදි.

සේවය නැවැත්වීම සදහා පිළිගත හැකි හේතුවක් පවතින විටදී

අවම වේතනය

2016 ජනවාරි 01 දින සිට ක්රියාත්මක වු 2016 අංක 03 දරණ සේවකයින්ගේ ජාතික අවම වේතන පනත ප්රකාර සියලූ සේවකයින් සදහා (කර්මාන්තය නොතකා) අවම මාසික වේතනය ශ්රී ලංකා රුපියල් 10,000.00 ක් වන අතර අවම දෛනික වේතනය ශ්රී ලංකා රුපියල් 400.00 ක් වනු ඇත.

සේවක වන්දි

සිය රැුකියාවෙහි නියුතුව සිටින අවස්ථාවේදී අසනීපයක් / තුවාලයක් සිදුවන සේවකයින් සදහා වන්දි මුදලක් ලබා දීමට 1934 අංක 19 දරණ සේවක වන්දි ආඥා පනත ඉඩ පහසුකම් සලසයිි. එවැනි අවස්ථාවකදී සේවකයාගේ මරණය සිදුවුවහොත්, ඔහුගේ / ඇයගේ යැපෙන්නන්ට වන්දි ලබාදීමට සේවක කම්කරු ආඥා පනත පහසුකම් සලසයි.

ගෙවිය යුතු වන්දි මුදල් ප්රමාණය කමිකරු වන්දි මුදල් ආඥා පනතේ VI උපලේඛනයෙහි දක්වා ඇති අතර එය ඇස්තමේන්තුගත කර ඇත්තේ සේවකයාගේ මරණය / අකර්මන්යතාවය සිදු වු අවස්ථාවේදී ලබමින් සිටි මාසික වැටුප අනුවය. ආඥා පනතෙහි සදහන් කර ඇති වර්ග පහත සදහන් පරිදිය.

    • මරණය (කණිෂ්ඨ / වැඩිහිටි අයෙකුගේ)
    • ස්ථිර සහ සම්පුර්ණ අකර්මන්යතාවය (අංශභාගය, අන්ධ භාවය ආදිය)
    • ස්ථිර පැත්තක අකර්මන්යතාවය (ගාතය හෝ එයින් කොටසක් අහිමිවීම, ශ්රවණය නැති වීම,එක් ඇසක් අහිමිි වීම ආදිය
    • තාවකාලික අකර්මන්යතාවය (කොටසක් හෝ මු`එමනින්ම)

වෘත්තීමය රෝගයකින් පෙලෙන විටදීද වන්දි ලබාදෙනු ඇත. වන්දි මුදල් ප්රමාණය තීරණය කරනු ලබන්නේ රෝගයේ ස්වාභාවය සහ එය සිදුවු වාතාවරණය සැලකිල්ලට භාජනය කිරිමෙන් පසුවය.

ඉහත දක්වා ඇති අවස්ථාවන් දෙකෙහිදිම වැළදී ඇති රෝගය / තුවාලය රැුකියාව තුලින් හෝ රැුකියාව කරන අවස්ථාවේදී සිදුවු එකක් විය යුතුය. එය වෘත්තිමය රෝගයක් නම් එය එවැනි රැුකියාවකයෙදී සිටීමේ ප්රතිඵලයකින් සිදුවුවක් විය යුතුය.

This is only an overview of the applicable law, and should not be relied upon as legal advice or recommendation by D. L. & F. De Saram, a leading law firm in Sri Lanka. If you require our advice, please be good enough to contact us on [email protected]

Further Context

Recommended Insights

Family Law and Testamentary
Family Law and Testamentary

Family Law and Testamentary

Family Law and Testamentary Compassionate guidance for your family and estate matters. Home > Practice Area > Family Law and Testamentary Our legal team specialising in family law and testamentary matters offers a range of services to support clients in resolving legal issues related to families and estates. We understand that these cases can be emotionally charged and personal, and we approach each matter with empathy and sensitivity. Our knowledgeable lawyers can provide support for all as

April 15, 2026Read More
Tax
Tax

Tax

Taxation Navigating the complex world of tax law to protect your interests Home > Practice Area > Tax We provide comprehensive tax law services in Sri Lanka, integrating legal precision with commercial insight. Our approach ensures that clients - from individuals to multinational corporations - receive effective, compliant, and transaction-focused tax advice. As a full-service tax law firm in Sri Lanka, we assist with every aspect of taxation, from corporate and personal income tax to VAT co

April 15, 2026Read More
Litigation and Dispute Resolution
Litigation and Dispute Resolution

Litigation and Dispute Resolution

Resolve your disputes satisfactorily and achieve your goals Conflict resolution and complex disputes are inevitable consequences when engaging with businesses and individuals alike. As a leading Litigation Law Firm in Sri Lanka, D. L. & F. De Saram has a dedicated team of litigators and counsels who bring a wealth of experience in matters extending to Corporate Insolvency, Creditor and Debtor Disputes, Shareholder Disputes, Commercial Litigation, Alternative Dispute Resolution (ADR) and Commer

April 15, 2026Read More

Stay informed on legal shifts.

Discuss how these jurisdictional shifts impact your specific operations.