LEGAL INSIGHTS

ශ්රී ලංකාවේ සේවා ගිවිසුම් අවසාන කිරීම

Hero Section Image
Author
DDesaram
Category
Blog
Published
June 23, 2020
Share

ශ්රී ලංකාවේ සේවය අවසාන කිරීම 1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනත හා 1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසාන කිරීමේ (විශේෂ විධිවිධාන) පනත යන මූලික ව්යවස්ථා දෙකෙන් පාලනය වේ. මෙම ව්යවස්ථා සාමූහිකව කියවීමේදී සේවය අවසන් කිරීම පහත තත්වයන් යටතේ අදාල වේ.

  1. සේවකයාගේ කැමැත්ත සහිතව ( සාමාන්යයෙන් සේවයෙන් ඉල්ලා අස්වීමක් ස්වරුපයෙන්)
  2. කම්කරු කොමසාරිස්වරයාගේ ලිඛිත පූර්ව අවසරය සහිතව
  3. සාධාරණ හේතුවක් සඳහා

පොදුවේ සේවා ගිවිසුම් වල නොතීසි මඟින් දන්වා සේවය අවසාන කිරීම සඳහා ප්රතිපාදන සැලසීම සාමාන්ය තත්වයක් වන අතර ශ්රී ලංකාවේ අධිකරණ හා විනිශ්වයාධිකාර හේතු රහිතව සේවායෝජකයා විසින් සේවය අවසන් කිරීම අසාධාරණ ලෙස සේවය අවසන් කිරීමක් ලෙසත් බලාත්මක කළ නොහැකි ලෙසත් තීරණය කර ඇත

ශ්රී ලංකාවේ අධිකරණ හා විනිශ්වයාධිකාර තුළ හේතු රහිතව සේවය අවසන් කිරීමට ප්රතිපාදන සලසා ඇති විටක වුවද බලාත්මක කළ නොහැක.

කැමැත්ත රහිත සේවය අවසන් කිරීමක් ඉහත (a) හා (b) යටතේ ගෙන ආ යුතුය. වඩාත් කැමති විකල්පය වන්නේ ඉහත (a) යටතේ සේවකයා සමඟ සාකච්ඡාකොට සාමූහික වෙන්වීමේ විධිවිධාන වලට එළඹීමයි. (උදාහරණ: සාමාන්යයෙන් වෙන්වීමේ ගිවිසුමකට අනුව පාලනය වන වෙන්වීමේ මුදලක් සේවකයා විසින් ඔහුගේ/ ඇයගේ ඉල්ලා අස්වීම භාර දුන් විටෙකදී). (a) හි සඳහන් තත්ත්වයට ළඟා වීමට නොහැකි විටක සහ ඉල්ලීම ඉදිරිපත් කරන දින සිට පූර්වයෙන් මාස හයක් තුළ ඕනෑම දිනකදී සේවකයන් 15 ක් හෝ ඊට වැඩි ගණනක් සේවයේ යෙදී සිටින විටදී සේවායෝජකයාට දෙවන විකල්පය වෙත යොමුවී සේවකයාගේ සේවය අවසන් කිරීම සඳහා කම්කරු කොමසාරිස්වරයාගේ අනුමැතිය ඉල්ලා කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත යටතේ කම්කරු කොමසාරිස්වරයාට ඉල්ලීමක් ඉදිරිපත් කළ හැක.

කැමැත්ත රහිතව සේවය අවසන් කිරීම සඳහා ඉහත (a) හා (b) අදාළ කර ගත යුතුය. ඒ පිලිබඳ හබයක් වෙතොත් සාමාන්යයෙන් වෙන්වීමේ ගිවිසුමකට එළඹේ.

ඉහත (b) යටතේ සේවය අවසන් කිරීමට කම්කරු කොමසාරිස්වරයාගේ අනුමැතිය ඉල්ලා ඇති විටක සේවායෝජකයා විසින් එවැනි සේවකයන්ගේ සේවය පවත්වාගෙන යාමට නොහැකි වීමට බලවත් හේතු සාධාරණීකරනය කිරීම සඳහා පෙන්වාදිය යුතුය.

සාමාන්යයෙන් එවැනි බලවත් හේතු ලෙස ඇතුලත් වන්නේ,

  1. එවැනි රාජකාරි ක්රියා ඉවත් කිරීම, සාමාන්යයෙන් ආයතන ප්රතිව්යුහගත කිරීම සහ/ හෝ එවැනි රාජකාරී විෂය පථයන් තවදුරටත් සේවායෝජකයා විසින් සිදු නොකරන අවස්ථා.
  2. විශේෂයෙන්ම ව්යාපාරය වසා දැමීමේ අවධානමක් පවතින විටක එවැනි සේවක මණ්ඩලයක් පවත්වාගෙන යා නොහැකි මුල්යමය බාධා පවතින විටක.

කම්කරු කොමසාරිස්වරයා සේවය අවසාන කිරීමට ඔහුගේ අනුමැතිය ලබා දෙන විටක, ගෙවිය යුතු පර්යන්ත ප්රතිලාභ/ වන්දි මීට අමුණා ඇති ගැසට් පත්රයේ දක්වා ඇති සුත්රය අනුකූලව ගෙවිය යුතුය.

ආයතන ප්රතිව්යුහගත කිරීම නිසා සේවය අවසන් කිරීම.

ආයතන ප්රතිව්යුහගත කිරීමේදී වෙන්වීම, සේවකයන් කප්පාදු කිරීම, අතිරික්ත සේවකයන් ඉවත් කිරීම සඳහා වූ ක්රියාදාමය ඉහත (b) යටතේ ක්රියාත්මක විය යුතුය.

කම්කරුවන්ගේ රක්ෂාව අවසාන කිරීමේ (විශේෂ විධිවිධාන) පනත යටතේ කම්කරු කොමසාරිස්වරයාට යවන ඉල්ලුම්පත්රය නියමිත ආකෘතියකට සකස් කිරීම අවශ්ය නොවේ. කෙසේ වුවද කම්කරු කොමසාරිස්වරයාගේ අනුමැතිය සේවය අවසාන කිරීම සඳහා ඉල්ලා ඇත්තේ කවර පදනමක් යටතේද යන්නට අදාල සවිස්තර තොරතුරු (හැකි අවස්ථා වලදී උපකාරක ලියවිලිද සමඟ) ඉල්ලුම්පත්රයේ ඇතුළත් විය යුතුය. එසේ වුවද මීට අමුණා ඇති ලේඛනයේ දක්වා ඇති අත්යාවශ්ය තොරතුරු මඟින් ඉල්ලීමට සහය දැක්විය යුතුය. කම්කරු කොමසාරිස්වරයා වෙත ලිපියක් ගොනු කළ යුතු අතර අදාල සේවකයාටද පිටපතක් සමඟ ගොනු කළ යුතුය. කම්කරු කොමසාරිස්තුමා විසින් කාරණය විමර්ශනය කිරීමේදී සමථයකට එළඹීමට නොහැකි විට විභාග ක්රියාවලියකින් හෝ පාර්ශවකරුවන් අන්යෝන්යව එකඟවූ පරිදි දිවුරුම් ප්රකාශ මඟින් සපයනලද ලියකිවිලි/ තොරතුරු පදනම්කොටගෙන හෝ කම්කරු කොමසාරිස්වරයා විසින් නියම කරන වෙනත් ආකාරයකින් එම කාරණය වැඩිදුර විමර්ශනය සඳහා යොමු කළ හැක. එක් එක් පාර්ශවයකටම අනෙකුත් පාර්ශවය විසින් ඉදිරිපත් කරන ලියවිලි/ සාක්ෂි හරස් ප්රශ්න කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙනු ඇත.

සේවායෝජකයා විසින් අනන්යතාවය ක්රියාත්මක කිරීමට සොයා බැලීමේදී කම්කරු කොමසාරිස්වරයාගේ අනුමැතිය කම්කරුවන්ගේ රක්ෂාව අවසාන කිරීමේ (විශේෂ විධිවිධාන) පනත යටතේ මෙතෙක් වඩාත්ම ගැලපෙන විකල්පය වන්නේ 2වන විකල්පය වන අතර එය දැඩි ලෙස මඟහැරී ඇත. කම්කරුවන්ගේ රක්ෂාව අවසාන කිරීමේ (විශේෂ විධිවිධාන) පනත මඟින් කම්කරු කොමසාරිස්වරයාගේ අනුමැතිය සම්බන්ධ තීරණය ඉල්ලීම ලද දින සිට මාස තුනක් ඇතුලත ලබාදිය යුතු බවට දක්වා ඇතත් ප්රායෝගිකව මෙම ක්රියාවලිය සේවායෝජකයන් විසින් සේවකයන්ට වැටුප් ගෙවීමේ අවශ්යතාවය ඉටු කරමින් සිටින අතරතුර සැලකියයුතු කාලයක් ගත විය හැක. සේවය අවසන් කිරීම සඳහා අනුමැතිය ලබාදී ඇති විටක සේවායෝජකයා විසින් අනුමැතිය ලබාදුන් අවස්ථාවේදී ගැසට් නිවේදනයේ අඩංගු සුත්රයට අනුකූලව වන්දි මුදල් ගෙවිය යුතු වේ. එම නිසා සේවකයාගේ ක්රියාකාරීත්වය පැවතීම නතරවනලද අවස්ථා වලදී (ප්රතිව්යුහගත කිරීම නිසා) (සේවය අවසාන කිරීමේ ගැසට් නිවේදනයට අනුව වන්දි ගණනය කරනලද වන්දි වලට අමතරව) අනුමැතිය ලැබෙනතෙක් වැටුප් ගෙවීමට සේවයෝජකයට සිදුවන අතර බොහෝවිට එසේ සිදු නොවුනද වඩා අඩු මුල්ය ශක්යතාවයෙන් යුත් කම්කරු කොමසාරිස්වරයාගේ මැදිහත් වීමෙන් තොරව අන්යෝන්යය වශයෙන් සාකච්ඡා කරනලද කොන්දේසි ප්රසම්පාදනය මඟින් වෙන්වීම සිදු වේ.

සේවය අවසන් කිරීම සඳහා බලපාන වෙනත් විකල්ප.

ඉහත (a) යටතේ සේවය අවසාන කරන විටක සාමාන්යයෙන් සේවායෝජකයා හා සේවකයා අතර සාකච්ඡා මාර්ගයෙන් කොන්දේසි වලට අනුව වෙන්වීම සඳහා සේවය අවසන් කිරීමේ ගැසට් නිවේදනයේ ඇතුළත් දේට වඩා වාසිදායක වෙන්වීමේ මුදලක් ගෙවීම අන්තර්ගත වේ. මෙය තනිකරම සේවායෝජකයා හා සේවකයා අතර කරුණක් වන අතර නීතියේ මැදිහත් වීමක් ඇතුලත් නොවේ.

සංශෝධිත 1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනත යටතේ සේවය අවසාන කිරීම සඳහා ඇති අනෙකුත් විකල්පය වන්නේ ඉහත (c) හි සඳහන් හේතුවයි. ඉහත (c) යටතේ සේවය අවසාන කිරීමේදී සේවකයා විසින් කම්කරු විනිෂ්චයාධිකාරයක එය අභියෝග කිරීම පහසු බව මතක තබාගත යුතු වේ.එවැනි තත්වයන් යටතේ සේවය අවසන් කිරීම සාධාරණීකරණය කිරීම සඳහා පැමිණෙන ලෙස සේවායෝජකයා කැඳවීමට හැකිය. සාධාරණිකරණය කළහැකි යන්නට සලකා බැලීමේදී මූලිකම අංගය වනුයේ සේවයෝජකයාගේ සද්භාවයන් වන අතර එහිදී සේවයෝජකයන් විසින් සේවය අවසන් කළ සේවකයාට එවැනි සේවකයෙකුට එරෙහිව නගන ලද චෝදනාවන්ට එරෙහිව ආරක්ෂා වීමට සාධාරණ හා අපක්ෂපාති අවස්ථාවක් ලබාදුන් බවට ගෙනහැර දැක්වීමට සිදුවනු ඇත. සේවය අවසන් කිරීම විනය හේතූන් මත පදනම් නොවන අවස්ථාවක සේවායෝජකයා විසින් සේවය අවසාන කිරීමේ අවසන් පියවරට ප්රථම නිකුත් කරනලද අවවාද ලිපි මඟින් සද්භාවය පෙන්නුම් කළ හැක. සේවකයා විසින් සිදු කරනලද උල්ලංඝනය කිරීම සහ සේවය අවසන් කිරීමේ ක්රියාව ප්රමාණාත්මක වීම හා ගැලපීම වැදගත් වේ.

Further Context

Recommended Insights

Family Law and Testamentary
Family Law and Testamentary

Family Law and Testamentary

Family Law and Testamentary Compassionate guidance for your family and estate matters. Home > Practice Area > Family Law and Testamentary Our legal team specialising in family law and testamentary matters offers a range of services to support clients in resolving legal issues related to families and estates. We understand that these cases can be emotionally charged and personal, and we approach each matter with empathy and sensitivity. Our knowledgeable lawyers can provide support for all as

April 15, 2026Read More
Tax
Tax

Tax

Taxation Navigating the complex world of tax law to protect your interests Home > Practice Area > Tax We provide comprehensive tax law services in Sri Lanka, integrating legal precision with commercial insight. Our approach ensures that clients - from individuals to multinational corporations - receive effective, compliant, and transaction-focused tax advice. As a full-service tax law firm in Sri Lanka, we assist with every aspect of taxation, from corporate and personal income tax to VAT co

April 15, 2026Read More
Litigation and Dispute Resolution
Litigation and Dispute Resolution

Litigation and Dispute Resolution

Resolve your disputes satisfactorily and achieve your goals Conflict resolution and complex disputes are inevitable consequences when engaging with businesses and individuals alike. As a leading Litigation Law Firm in Sri Lanka, D. L. & F. De Saram has a dedicated team of litigators and counsels who bring a wealth of experience in matters extending to Corporate Insolvency, Creditor and Debtor Disputes, Shareholder Disputes, Commercial Litigation, Alternative Dispute Resolution (ADR) and Commer

April 15, 2026Read More

Stay informed on legal shifts.

Discuss how these jurisdictional shifts impact your specific operations.